සයුරෙන් එතෙර
පාකිස්තානයේ ආනයන අපනයන ගැන අනාවරණයක්
July 4, 2025 10:09 am
2024-25 මූල්‍ය වර්ෂය සඳහා පාකිස්තාන රජය සිය අපනයන ඉලක්කය සපුරා නොමැති බව එරට අභ්‍යන්තර දත්ත උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.
එම දත්තවලට අනුව 2024-25 මූල්‍ය වර්ෂය තුළ අපනයන ප්‍රමාණය අමෙරිකානු බිලියන 32.106 ක් වූ අතර එය රජයේ ඉලක්කය වන ඩොලර් බිලියන 32.341 ට වඩා අඩුය.
මේ අතර පාකිස්තානයේ මුළු ආනයන අමෙරිකානු ඩොලර් බිලියන 58.38 ක් වූ අතර එය නිල ඉලක්කය වූ ඩොලර් බිලියන 57.283 ඉක්මවා ගොස් තිබේ.
වාර්ෂික වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 26.274 දක්වා ගොස් ඇති බවද වාර්තා වෙයි.
ඉලක්ක මඟහැරී ගියද, අපනයන වාර්ෂිකව සියයට 4.67ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර ආනයනය සියයට 6.57කින් ඉහළ ගොස් තිබේ.