සයුරෙන් එතෙර
අමෙරිකාව සහ ඉන්දියාව වෙළෙඳ ගිවිසුමක් අභියස
July 3, 2025 04:55 pm
ඉන්දියාව සහ අමෙරිකාව අතර අන්තර්වාර වෙළෙඳ ගිවිසුමක් අවසන් කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ සඳහා ඉන්දීය සහ අමෙරිකානු නියෝජිතයින් අතර වොෂින්ටනයේ සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවද වාර්තා වෙයි.
එක්සත් ජනපද තීරුබදු විරාමය ඉවත් කිරීමට නියමිත ජූලි 9 වනදාට පෙර මෙම වෙළෙඳ ගනුදෙනුවට එළඹීමට දෙපාර්ශ්වය බලාපොරොත්තු වෙයි.
ඉන්දියාව අමෙරිකාවෙන් පාවහන්, ඇඟලුම් සහ සම් ආශ්‍රිත නිෂ්පාදන අපනයන සඳහා අර්ථවත් තීරුබදු සහන අපේක්ෂාවෙන් සිටින බවද වාර්තා වෙයි.