සයුරෙන් එතෙර
ඊශ්‍රායල් ප්‍රහාරවලින් ඉන්දුනිසියානු රෝහලක අධ්‍යක්ෂවරයෙකු මරුට
July 3, 2025 06:57 am
ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරයකින් ගාසා තීරයේ පිහිටි රෝහලක අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකු මියගොස් තිබේ.
මෙම රෝහල ඉන්දුනීසියාව විසින් ගාසා තීරයේ ක්‍රියාත්මක කරන ලද රෝහලකි.
අදාළ රෝහල් අධ්යක්ෂවරයාගේ නිවස වෙත එල්ල වු ප්‍රහාරවලින් ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එහිදි වෛද්‍යවරයාගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකු ද මියගොස් තිබේ.
මෙම ප්‍රහාරය දැඩිව හෙළා දකින බව ගාසාහි වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය සඳහන් කළේ හමාස් සංවිධානයේ ප්‍රධාන ත්‍රස්තවාදියෙකු ඉලක්ක කරගනිමින් ප්‍රහාරය එල්ල කළ බවය.