සයුරෙන් එතෙර

හෝමුස් අවහිර කළත් ගැටලුවක් නැති බව ඉන්දියාව කියයි

June 25, 2025   10:09 am

ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇතිවී තිබෙන යුදමය තත්ත්වය හමුවේ ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ අවදානමක් මතුවී තිබුණ ද ඉන්දියාවේ බලශක්ති සැපයුම ස්ථාවරව පවතින බව ඉන්දීය රජය පවසයි.

ඉන්දීය රජය පවසන්නේ මෑත කාලයේදී ඉන්ධන ආනයන මාර්ගවල සැලකිය යුතු විවිධාංගීකරණයක් සිදුකර ඇති බවය.

මෝදි රජය පසුගිය වසර කිහිපය තුළ ඉන්ධන සැපයුම් පද්ධතියේ ස්ථාවරත්වය සහතික කිරීම පමණක් නොව දරාගැනීමේ හැකියාව ද තහවුරු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ එම තීරණය ක්‍රියාත්මක වුවහොත් එය ආසියානු රටවලට දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයි මත පළවිය.

අරාබිය, ආසියානු රටවලට සිය තෙල් බෙදාහරිනු ලබන්නේ මෙම හෝමුස් සන්ධිය හරහාය.