සයුරෙන් එතෙර
ඉන්දු - කැනේඩියානු සබඳතා යළි වර්ධනය කරගැනීමට සැරසෙයි
June 19, 2025 06:49 pm
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කානි අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා වටයක් පවත්වා තිබේ.
කැනඩාවේ පැවැති ටෘඩෝ පරිපාලනය යටතේ දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටීමෙන් පසු දෙරටේ නායකයින් අතර පැවැති පළමු ද්විපාර්ශ්වික සාකච්ඡා වටය එයයි.
ජී7 සමුළුවට සහභාගී වීම සඳහා සිදු කෙරුණු ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ කැනඩා සංචාරයේදී නායකයින් දෙපළගේ මෙම හමුව සිදුවිය.