සයුරෙන් එතෙර
ට්‍රම්ප් සහ මෝදි අතර සාකච්ඡාවක්
June 19, 2025 06:09 pm
පාකිස්තානය සම්බන්ධයෙන් පවතින ගැටලුවලදී ඕනෑම ආකාරයක මැදිහත්වීමක් ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පවසා තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇති බවය.
ඉන්දියාවේ දිගුකාලීන ස්ථාවරය පැහැදිලි කරමින් ඉන්දීය විදේශ ලේකම් පැවසුවේ, ඉන්දියාව කිසි විටෙක මැදිහත්වීම් පිළිගෙන නොමැති බවත්, එවැන්නක් නොපිළිගන්නා බවත්, අග්‍රාමාත්‍ය මෝදි අවධාරණය කළ බවය.
මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දියාව තුළ පූර්ණ දේශපාලන ඒකමතිකත්වයක් ඇති බවද මෝදි ට්‍රම්ප් වෙත පවසා තිබේ.
විදේශ ලේකම්ට අනුව නායකයින් දෙදෙනා විනාඩි 35ක් දුරකථනයෙන් සාකච්ඡා කර ඇත.
කාශ්මීරයේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරය සහ ඊට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව දියත් කළ සින්දූර් මෙහෙයුමෙන් පසු ඔවුන් නායකයින් දෙදෙනා අතර සිදුවූ පළමු සංවාදය මෙය බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.