චීනය ආත්මාරක්ෂාවට මුල්තැන දෙයි
සයුරෙන් එතෙර

චීනය ආත්මාරක්ෂාවට මුල්තැන දෙයි

June 18, 2025   03:29 pm

චීනය සිය න්‍යෂ්ටික අවි තොගය වෙනත් ඕනෑම රටකට වඩා වේගයෙන් වර්ධනය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නව පර්යේෂණ වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ඒ බව වාර්තා කර තිබේ. 

චීනයට වර්තමානයේදී අවම වශයෙන් න්‍යෂ්ටික අවි 600ක් ඇති බවද හම වාර්තා අනුමාන කරයි.

2023 වසරේදී එම අගය දැක්වී ඇත්තේ 500ක් ලෙසය.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයාගෙන් පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් මේ පිළිබඳව ප්‍රශ්න කර තිබූ අතර ඔහු ඊට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබූ බවද වාර්තා වෙයි.

නමුත් ඔහු පවසා ඇත්තේ චීනය සැමවිටම ආත්මාරක්ෂාව පිළිබඳ න්‍යෂ්ටික උපාය මාර්ගයට අනුගත වී සිටින බවය.

එමෙන්ම සෑම විටම ජාතික ආරක්ෂාව සඳහා අවශ්‍ය අවම මට්ටමින් සිය න්‍යෂ්ටික බලය පවත්වා ගෙන යන නමුත් අවි තරඟයට සහභාගී වී නොමැති බවද පෙන්වා දී තිබේ.