මෝදිට සම්මානයක් 
සයුරෙන් එතෙර

මෝදිට සම්මානයක් 

June 17, 2025   07:49 pm

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සයිප්‍රසයේ ඉහළම සිවිල් සම්මානය වන "Grand Cross of the Order of Makarios III" සම්මානය පිරිනමා තිබේ.

ඒ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සයිප්‍රස් සංචාරය අතරතුරදීය.

සයිප්‍රසයේ ජනාධිපතිවරයා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත එම සම්මානය පිරිනමා ඇත.

එහිදී අග්‍රාමාත්‍ය මෝදි පවසා ඇත්තේ සයිප්‍රසයේ සම්මානය ලැබීම ගැන නිහතමානීව සතුටු වන බවය.

එම සම්මානය දෙරට අතර පවතින මිත්‍රත්වය වෙනුවෙන් කැප කරන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව පැවසීය.