ඔස්ට්‍රේලියානු විදේශ ඇමති ඉන්දියාවට
සයුරෙන් එතෙර

ඔස්ට්‍රේලියානු විදේශ ඇමති ඉන්දියාවට

June 17, 2025   06:09 pm

ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිවරිය ලබන සතියේ ඉන්දියාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම එම සංචාරයේ අරමුණ වෙයි.

විදේශ අමාත්‍යවරියගේ මෙම ඉන්දීය සංචාරය සිදු කෙරෙන්නේ, ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍යවරයා වන රිචඩ් මාර්ල්ස්ගේ ඉන්දීය සංචාරයෙන් දින කිහිපයකට පසුව වීම විශේෂත්වයකි.

මෙම වසරේ ඉන්දියා - ඔස්ට්‍රේලියා විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ 5 වැනි සංවත්සරය සනිටුහන් කරන අතර එහිදී Quad සමුළුව සඳහා ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ඉන්දියාවට පැමිණීම අපේක්ෂා කරයි.