සයුරෙන් එතෙර
ඉන්දීය ගුවන්යානා අනතුර ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
June 14, 2025 06:48 am
ගුජරාට් ප්‍රාන්තයේ අහ්මදාබාද් හිදී සිදුවූ ගුවන්යානා අනතුර සම්බන්ධයෙන් ඉන්දීය ජනතාවට සිය කනගාටුව පළ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
එය බිහිසුණු ගුවන්යානා අනතුරක් බව පෙන්වා දුන් අමෙරිකානු ජනාධිපතිවරයා මෙම කනගාටුදායක අවස්ථාවේදී ඉන්දියාවට සහාය ලබාදෙන බවද පවසා තිබේ.
ඔහු මෙම අනතුර හැඳින්වූයේ ගුවන් ඉතිහාසයේ දරුණුතම අනතුරක් ලෙසය.
ඉන්දියාවට මෙම අසීරු අවස්ථාව හැසිරවීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ට්‍රම්ප් පවසා තිබේ.
ඉන්දියාව යනු විශාල, ශක්තිමත් රටක් බවත්, ඔවුන් ඊට මුහුණ දෙනු ඇති බවත් ට්‍රම්ප්ගේ විශ්වාසයයි.