සයුරෙන් එතෙර
ඉරානයේ වීථිවල සුනඛයින් ඇවිද්දවීම සපුරා තහනම්
June 9, 2025 08:37 pm
ටෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රධාන නගරවල සුනඛයින් ඇවිද්දවීම තහනම් කරමින් පැනවූ වාරණය දීර්ඝ කර තිබේ.
ටෙහෙරාන් අගනුවර සුනඛයින් ඇවිද්දවීම තහනම් කළේ 2019 වසරේ නිකුත් කළ පොලිස් නියෝගයක් යටතේය.
එම වාරණය තවත් ප්‍රධාන නගර 18කට ව්‍යාප්ත කිරීමට රජය පසුගිය සතියේ කටයුතු කළේය.
ඒ යටතේ සුනඛයින් රථ වාහනවලින් ප්‍රවාහනය කිරීමත් තහනම් කර තිබේ.
1979 වසරේ පත්වූ ඉරාන විප්ලවීය රජය යටතේ, සුනඛයින් ඇතිකිරීම හෙලා දැක ඇති අතර, ඒ යටතේ සුනඛයින් අපිරිසිදු බවට ද සඳහන්ය.
සුනඛයින් ඇතිකිරීම බටහිර සංස්කෘතියේ අංගයක් බවද එහිදී රජය පවසා තිබුණි.