Gregorys 4x4 Mud Challenge 2025 සාර්ථකව අවසන් වෙයි
April 21, 2025 05:23 pm
නුවරඑළිය 4x4 සංගමය විසින් සංවිධානය කරන ලද ග්‍රෙගරි 4x4 මඩ් චැලේන්ජ් (Gregory’s 4x4 Mud Challenge 2025) තරගාවලිය ඊයේ (20) සාර්ථකව අවසන් විය.
කාණ්ඩ හතරක් යටතේ පැවති මෙවර තරගාවලියට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරගකරුවෝ රැසක් සහභාගී විය.
මෙවර තරගාවලියේ විශේෂතාවයක් වූයේ SUV Modified කාණ්ඩය යටතේ රෝවර් බ්‍රදර්ස් (Rover Brothers) නියෝජනය කරමින් තරග කළ ගයාන් ලියනආරච්චි සහ උදිත සසංක අඛණ්ඩව තෙවැනි වරටත් එම කාණ්ඩයේ ශුරතාව හිමිකර ගැනීමයි.