සයුරෙන් එතෙර
රුසියාවෙන් ඉන්දියාවට ආරාධනයක්
April 18, 2025 01:20 pm
මැයි 09 වනදාට යෙදී තිබෙන රුසියාවේ විරුදින රාජ්‍ය උත්සවය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත නිල ආරාධනයක් සිදුකර ඇතැයි ඉන්දියාව තහවුරු කරයි.
ඉන්දීය විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත එම නිල ආරාධනය සිදුකර ඇති බවය.
එහෙත් අග්‍රාමාත්‍යවරයා එම උත්සවය සඳහා සහභාගී වන්නේ ද යන්න ඉන්දියාව මෙතෙක් තහවුරු කර නොමැත.
ඉන්දීය විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බවය.
කෙසේවෙතත් මේ සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඉන්දියාව නියෝජනය කරනු ඇතැයි වාර්තා වෙයි.