සයුරෙන් එතෙර
චීන - අමෙරිකා අර්බුදය දුරදිග යයි
April 10, 2025 05:01 pm
චීනය සහ අමෙරිකාව අතර පවතින වෙළෙඳ යුද්ධය දැන් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් දක්වා දික්ගැස්සෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වනපරිදි අමෙරිකාව සම්බන්ධයෙන් සංචාරක උපදේශන මාලාවක් නිකුත් කිරීම චීන සංස්කෘතික සහ සංචාරක අමාත්‍යංශය කටයුතු කර තිබේ.
එමෙන්ම අමෙරිකාවේ ඉගෙනුම ලබන සිසුන්ට ආරක්ෂක අවදානම් තක්සේරු කිරීම් සිදුකරන ලෙස එරට අධ්‍යාපන අමාත්‍යංශය නිවේදන කර ඇත.
චීන සංචාරකයින්ට අමෙරිකාවේ සංචාර සැලසුම් කිරීමේදී සිදුවිය හැකි අවදානම් හොඳින් තක්සේරු කරන ලෙසත් ප්‍රවේශම් වන ලෙසත් එමගින් උපදෙස් නිකුත් කර තිබේ.
චීන-අමෙරිකා ආර්ථික හා වෙළඳ සබඳතාවල මෑත කාලීන පසුබෑම මෙන්ම එක්සත් ජනපදයේදී චීන ජාතිකයින්ට පවතින ආරක්ෂාව පිළිබඳ එමගින් කනස්සල්ල ද පළකර ඇතැයි වාර්තා වෙයි.
කෙසේ වෙතත්, චීනය මත පැනවූ තීරුබදු සියයට 125 දක්වා තවදුරටත් ඉහළ නැංවීමට අමෙරිකානු ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
එමෙන්ම චීනය අමෙරිකාවට පැනවූ සියයට 84 වූ තීරුබදු අද සිට ක්‍රියාත්මක වෙයි.