චීන සෙබළුන් ගැන සෙලෙන්ස්කිගෙන් හෙළිදරව්වක්
සයුරෙන් එතෙර

චීන සෙබළුන් ගැන සෙලෙන්ස්කිගෙන් හෙළිදරව්වක්

April 10, 2025   03:50 pm

යුක්‍රේනයට එරෙහි යුද්ධයේදී රුසියානු හමුදාවට සහාය පළ කිරීම සඳහා චීන ජාතික සෙබළුන් විශාල පිරිසක් එක්වී සිටින බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.

චීන ජාතිකයින් 155 දෙනෙකු පමණ එලෙස රුසියානු හමුදාවට එක්වී සිටින බවට ඔහු චෝදනා කරයි.

පසුගියදා චීන ජාතික සෙබළුන් දෙදෙනෙකු යුක්‍රේන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනිමේ සිදුවීමෙන් එය තවදුරටත් තහවුරු වන බවද ඔහු සඳහන් කළේය.

චීනය විසින් රුසියාවට සහය පළකරන බවට මේ හරහා පෙන්නුම් කරන බවයි යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ.

යුක්‍රේන ජනාධිපතිවරයාගේ එම චෝදනාව පිළිබඳ චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති වුවද සිය සෙබළුන් රුසියාව වෙනුවෙන් සටන් වදින බවට එල්ල වූ චෝදනා මීට පෙර ප්‍රතික්ෂේප කිරීමට චීනය කටයුතු කර තිබුණි.

මේ අතර සටන් විරාමයකට එකඟ වීමට රුසියාව සහ යුක්‍රේනය පෙළඹවීමට අමෙරිකාව දරන උත්සාහයේ කොටසක් ලෙස යුක්‍රේන නිලධාරීන් ලබන සතියේ අමෙරිකානු නියෝජිත පිරිසක් සමඟ රැස්වීමක් පැවැත්වීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.