සයුරෙන් එතෙර
මෝදි සහ ඩුබායි ඔටුන්න හිමි කුමරු අතර හමුවක්
April 9, 2025 01:12 pm
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඩුබායි හි ඔටුන්න හිමි කුමරු අතර අතර හමුවක් සිදුවී තිබේ.
ඒ, ඔහුගේ ඉන්දීය සංචාරය අතරතුරදී ය.
එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ඔටුන්න හිමි කුමරුගේ මෙම විශේෂ සංචාරය දෙරට අතර ගැඹුරු මිත්‍රත්වය යළි තහවුරු කරන බවත් අනාගතයේදී ඊටත් වඩා ශක්තිමත් සහයෝගීතාවයකට මගපාදන බවත් ය.
එහිදී ඩුබායි ඔටුන්න හිමි කුමරු පවසා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දියාව අතර සබඳතා මෙහෙයවනු ලබන්නේ අවස්ථා, නවෝත්පාදන සහ කල්පවත්නා සමෘද්ධියෙන් පිරි අනාගතයක් නිර්මාණය කිරීමේ හවුල් දැක්මක් මත බවය.