මෝදි මියන්මාරයේ හමුදා නායකයා හමුවෙයි
සයුරෙන් එතෙර

මෝදි මියන්මාරයේ හමුදා නායකයා හමුවෙයි

April 4, 2025   02:34 pm

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මියන්මාරයේ හමුදා නායකයා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ තායිලන්තයේ පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවී ඇති බවය.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භූ කම්පනයෙන් ජීවිත හා දේපළ අහිමි වූ මියන්මාර වැසියන් වෙත ශෝකය ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

මෙම තීරණාත්මක අවස්ථාවේ මියන්මාරයේ ජනතාවට උපකාර කිරීමට ඉන්දියාව හැකි සෑම පියවරක්ම දරමින් සිටින බවද අගමැති මෝදි පවසා තිබේ.

එමෙන්ම එම හමුවේදී නායකයින් දෙපළ ඉන්දියාව සහ මියන්මාරය අතර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ද සාකච්ඡා කර ඇත.