මියන්මාරයට විදෙස් රටවල සහාය අඛණ්ඩව
සයුරෙන් එතෙර

මියන්මාරයට විදෙස් රටවල සහාය අඛණ්ඩව

April 1, 2025   04:25 pm

මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් ප්‍රදේශ වෙත විදෙස් මාධ්‍යවේදීන්ට ඇතුළුවීම තහනම් කිරීමට එරට හමුදා පාලනය පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

හමුදාව පවසන්නේ එම ප්‍රදේශවල පවතින නවාතැන් දුෂ්කරතා, විදුලිය ඇණහිටීම් සහ ජල හිඟය හේතුවෙන් මෙම සීමා පනවා ඇති බවය.

මේ අතර ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදිය, ඉන්දියාව මියන්මාරය වෙත සහන කණ්ඩායම් යොමු කර තිබුණි.

ඒ අනුව පළමුව මියන්මාරයට ඇතුළු වී ඇත්තේ ඉන්දීය සහන කණ්ඩායමක් බව වාර්තා වෙයි.

මියන්මාරයේ පිහිටි ඉන්දියානු තානාපති කාර්යාලය පැවසුවේ එම පළමු සහන කණ්ඩායම භූ කම්පනයෙන් විපතට පත් මැන්ඩලේ ප්‍රදේශය වෙත ළඟාවී ඇති බවය.

මීට අමතරව විපතට පත් මියන්මාර වැසියන්ට සහනාධාර රැගත් ඉන්දීය නාවික හමුදාවේ නෞකා 2ක් එරට යැන්ගොන් වරාය වෙත ළඟා වී තිබේ.

මියන්මාරයට ලබාදීමට ටොන් 60ක පමණ සහනාධාර ඉන්දියාව විසින් සූදානම් කර ඇතැයි සඳහන් ය.

ඉන් ටොන් 50 ක් පමණ මේ වනවිටත් යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.