සයුරෙන් එතෙර

චීනයට යන කැනේඩියානුවන්ට උපදෙස්

March 27, 2025   03:26 pm

කැනඩා රජය චීනයේ සංචාරය කරන සිය පුරවැසියන්ට නිකුත් කර ඇති සංචාරක උපදේශන යාවත්කාලීන කර තිබේ.

ඒ කැනේඩියානුවන් සිව්දෙනෙකුට චීනය මරණ දඬුවම ලබාදී ඇති බව අනාවරණයවීමත් සමගය.

එම පුද්ගලයන් හතර දෙනාම ද්විත්ව පුරවැසියන් වූ අතර ඔවුන් සියල්ලෝම චීනයට අනුව අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ, මත්ද්‍රව්‍යවලට සම්බන්ධ චෝදනාවලට මුහුණ දුන් අය විය.

කැනේඩියානු රජය සංචාරකයින්ට උපදෙස් දෙන්නේ දේශීය නීති අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමේ අවදානම හේතුවෙන් චීනය සම්බන්ධයෙන් ඉහළ ප්‍රවේශම් සහගතව ක්‍රියා කරන ලෙසය.