කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දින සංශෝධනය කෙරේ

කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දින සංශෝධනය කෙරේ

March 25, 2025   10:23 pm

එළැඹෙන අප්‍රේල් සහ මැයි මාසවලදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන සංශෝධනය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇත්තේ තරග පවත්වන දින තුනක් සංශෝධනය වී ඇති බවය.

ඒ අනුව මැයි 01, මැයි 06 සහ මැයි 08 යන දිනයන් සංශෝධනය කරමින් ඒ සඳහා මැයි 02, මැයි 07 සහ මැයි 09 යන දිනයන් ඇතුලත් කරමින් නව තරග කාලසටහන නිවේදනය කර තිබේ. 

එලෙස සංශෝධනය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දිනය මැයි මස 06 වනදාට යෙදී ඇති බැවිනි.

එම තරගාවලිය ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතය.

සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා තරග ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තරගාවලිය ආරම්භකරමින් පළමු තරගය අප්‍රේල් 27වනදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වේ.

සෑම කණ්ඩායමකටම තරග 4 බැගින් ක්‍රීඩාකිරීමට අවස්ථාව හිමිවන අතර, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක මැයි 11වනදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

සංශෝධිත නව තරග කාලසටහන පහතින්,