අමෙරිකානු ප්‍රහාරයකින් IS ප්‍රධානියෙකු මරුට
සයුරෙන් එතෙර

අමෙරිකානු ප්‍රහාරයකින් IS ප්‍රධානියෙකු මරුට

March 15, 2025   01:50 pm

අමෙරිකානු මිසයිල ප්‍රහාරයකින් ISIS ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රධානියෙකු වන අබ්දුල්ලා මක්කිමුස්ලිහ් අල් රිෆායි නොහොත් අබු කදීජා මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ අමෙරිකාව සහ ඉරාක බුද්ධි අංශ එක්ව එම ප්‍රහාරය දියත් කර ඇති බවය.

අබු කදීජා ඉරාකයේ සහ ලෝකයේ භයානකම ත්‍රස්තවාදීන්ගෙන් කෙනෙකු ලෙස සැලකෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉරාකයේ අල් ඛාන් පළාතේ සිදුකළ මිසයිල ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බවට අමෙරිකාව සහ ඉරාකය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එම ප්‍රහාරයෙන් තවත් ISIS ප්‍රබල සාමාජිකයෙක් මියගොස් ඇති බව ද සඳහන්ය.