ශූරයන්ගේ කුසලානයේ පළමු ජය නවසීලන්තයට
February 19, 2025 11:19 pm
ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (19) පැවති තරගයෙන් සත්කාකරක පාකිස්තාන කණ්ඩායම පරාජය කර ලකුණු 60ක පහසු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
දිවාරාත්‍රී තරගයක් ලෙසින් මෙය කරච්චි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 5කට ලකුණු 320ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනි.
එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු විල් යන්ග් ලකුණු 107ක් හා ටොම් ලේතම් නොදැවී ලකුණු 118ක් රැස්කිරීමට සමත් විය.
පාකිස්තාය වෙනුවෙන් නසීම් ශා (2/63) හා හාරිස් රවුෆ් (2/83) කඩුලු දවාගැනීමට සමත් වුවද, ඔවුන් නවසීලන්ත පිතිකරුවන් ඉදිරියේ දැඩි පහරකෑමකට ලක්වූහ.
මෙහිදී ලකුණු 231ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය පාකිස්තානයට පන්දුවාර 47.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 260ක් පමණි.
බාබර් අසාම් (64) හා කුෂ්දිල් ශා (69) අර්ධ ශතක රැස්කළද ඔවුන්ට ජයග්‍රහණය පෙනෙන මානයට හෝ තම ඉනිම රැගෙන යාමට නොහැකි වූහ.
මෙම තරගාවලියේ දෙවන තරගය හෙට (20) ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන අතර, එය ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.