සයුරෙන් එතෙර

ඉන්දියාව කටාරය සමග ආයෝජන ගිවිසුමකට

February 19, 2025   05:37 pm

ඉන්දියාව තුළ විවිධ අංශ හරහා ඩොලර් බිලියන 10ක ආයෝජනයක් සිදු කිරීමට කටාරය එකඟ වී තිබේ.

එම එකඟතාවට පැමිණ ඇත්තේ කටාර් රාජ්‍යයේ එමීර්වරයාගේ ඉන්දීය සංචාරය අතරතුරදීය.

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි ඔහුව පිළිගනු ලැබුවේ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසිනි.

ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී දෙරටේ සබඳතා ශක්තිමත් කිරීම සහ වෙළඳ සහ ආරක්ෂාව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබේ.

අනතුරුව පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී මෙම ආයෝජන සම්බන්ධයෙන් කටාර් එමීර්වරයා මාධ්‍යට පැහැදිලි කර තිබුණි.