උද්ධමනයෙන් පාකිස්තානයට පීඩා
සයුරෙන් එතෙර

උද්ධමනයෙන් පාකිස්තානයට පීඩා

February 18, 2025   10:28 pm

පාකිස්තානයේ උද්ධමනය ඉහළ යෑම හේතුවෙන් ජනතාව දැඩි පීඩවට පත්වෙමින් සිටින බව වාර්තා වෙයි.

රාමසාන් මාසය ළඟාවෙද්දී මෙලෙස උද්ධමනය ඉහළයාමකට මුහුණදී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමත් සමඟ සාමාන්‍ය ජනතාවට රාමසාන් සැමරීම වඩාත් දුෂ්කර වෙනු ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.

පාකිස්තාන වැසියන් පවසන්නේ රාමසාන් සමය එළැඹීමට පෙර ලොව පුරා ආහාර ද්‍රව්‍යවල මිල සාමාන්‍යයෙන් අඩු වුවද, පාකිස්තානය අත්විඳින්නේ ඊට ප්‍රතිවිරුද්ධ වෙනසකට බවය.