සයුරෙන් එතෙර
කැනේඩියානු නෞකාවක් නිසා චීනය නොසන්සුන්
February 18, 2025 04:34 pm
තායිවාන සමුද්‍ර සන්ධියේ ආතතීන් වර්ධනය කිරීමට චීනය ගන්නා ඕනෑම උත්සාහයක් ගෝලීය ආරක්ෂාවට තර්ජනයක් බව තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
තායිවාන සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් චීනයට අයිතියක් නොමැති බවද තායිවානයේ මතය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තායිවාන සමුද්‍ර සන්ධිය හරහා කැනඩාවේ යුද නෞකාවක් යාත්‍රා කිරීම තායිවානය සහ චීනය අතර උද්ගතව ඇති නවතම අර්බුදයට හේතුවී තිබේ.
කැනඩාවේ එම ක්‍රියාව චීනය විවේචනය කර තිබුණි.
කැනේඩියානු නාවික හමුදාවට අයත් නෞකාවක් මෙලෙස සමුද්‍ර සන්ධිය හරහා ඉරිදා උදෑසන යාත්‍රා කළේ අමෙරිකානු නෞකා දෙකක් ද සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමෙන් දින කිහිපයකට පසුවය.