මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සැකයක්

මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සැකයක්

February 12, 2025   09:42 am

ඔස්ට්‍රේලියා දඟ පන්දු යවන ක්‍රීඩක මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට තරග විනිසුරුවන් වාර්තා කිරීම හේතුවෙන් ඉරියව්ව නිවරදි කර ගන්නා තුරු ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීම ඔහුට තහනම්කර තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී වැඩිම කඩුලු දවාගත්තේ මැතිව් කුනමන් ය.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී කඩුලු 16ක් දවාගැනීමට දඟ පන්දු යවන ක්‍රීඩක මැතිව් කුනමන් සමත්වුණි.

ඒ අනුව එම තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූ මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බව තරග විනිසුරුවන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට දන්වා තිබේ.

කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ලවීම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය අනුමත ස්ථානයකදී ඔහුට පරීක්ෂණයකට මුහුණදීමට සිදුවේ.

සති තුනක කාලයක් ඇතුළත කුනමන් ඔහුගේ පන්දුයැවීමේ ඉරියව්ව නිවරදි කරගත යුතුවන අතර ඒ වනතෙක් ඔහුට ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීමට හැකිවන්නේ නැත.

2017 වසරේදී වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ කුනමන් 2022 වසරේදී මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළේය.

කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ලවූ පළමු අවස්ථාව මෙයයි.