ඔස්ට්‍රේලියාවට ලකුණු 75ක ඉලක්කයක්

ඔස්ට්‍රේලියාවට ලකුණු 75ක ඉලක්කයක්

February 9, 2025   10:43 am

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 75ක ඉලක්කයක් හිමිව තිබේ.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 231කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දුයවන්නන් සමත්වීමත් සමගයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගය ඊයේ (08) දිනය සඳහා නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 211ක් ලබා සිටියේය.

අද දිනයේ තරගය ආරම්භ වී ගතවූ මිනිත්තු 30ක් වැනි කෙටි කාලයක් තුළ සෙසු කඩුලු දෙක ද දවා ගැනීමට ඔස්ට්‍රේලියානු පන්දුයවන්නන් සමත්වීමත් සමග ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 231කට සීමා වුණි.

එම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 76ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් ලබාගත්තේය.