සයුරෙන් එතෙර

ඉන්දියාවත් පැනමාව දෙසට හැරෙයි

February 7, 2025   11:03 am

ඉන්දියාව සහ පැනමාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබේ.

චීනයේ මැදිහත්වීම උපුටා දක්වමින් පැනමා ඇළ සඳහා අමෙරිකාවේ හිමිකම් පෑම සම්බන්ධයෙන් ආතතීන් වැඩිවෙමින් පවතින පසුබිමක ඉන්දියාව මෙම අවබෝධතා ගිවිසුමට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අවබෝධතා ගිවිසුම හරහා භෞතික යටිතල පහසුකම්, මාර්ග සහ ප්‍රජා මධ්‍යස්ථාන මෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ සනීපාරක්ෂාව ඇතුළු සමාජ යටිතල පහසුකම් වැනි ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කර ඇත.

මෙම ගිවිසුමට පැනමා, කොස්ටාරිකාව සහ නිකරගුවාවේ ඉන්දීය තානාපතිවරයා සහ පැනමා විදේශ අමාත්‍යවරයා අතර අත්සන් තබා තිබේ.

ඉන්දියාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ හරහා පැනමාවේ ජනතාවට අංශ රැසක් ඔස්සේ ප්‍රතිලාභ හිමිවෙන බවය.