සයුරෙන් එතෙර
මෝදිගේ අමෙරිකානු ගමන ගැන අලුත් ආරංචියක්
February 4, 2025 03:46 pm
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරය මේ වනවිට තහවුරු වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ලබන 12 වනදා අමෙරිකාවට පැමිණෙනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ මූලාශ්‍ර උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
කෙසේවෙතත් ඉන්දීය රජය මෙතෙක් ඒ සම්බන්ධයෙන් තහවුරු කිරීමක් සිදු කර නොමැත.
ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අමෙරිකාවේ නිල සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වෙයි.
ලබන සතියේ නරේන්ද්‍ර මෝදි සිය ප්‍රංශ සංචාරය ආරම්භ කිරීමට ද නියමිත ය.
ඒ පැරීසියේ පැවැත්වෙන කෘත්‍රිම බුද්ධි ක්‍රියාකාරී සමුළුවට සහභාගී වීම සඳහාය.
ප්‍රංශ ජනාධිපතිගේ ආරාධනය අනුව මෙම සංචාරය සිදු කෙරෙයි.
ඉන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අමෙරිකානු සංචාරය අරඹමින් වොෂින්ටනය වෙත පැමිණෙනු ඇතැයි වාර්තා වෙයි.