සයුරෙන් එතෙර
චීන - අමෙරිකා මතගැටුම් ව්‍යාපාර ලෝකය කලඹයි
January 30, 2025 08:25 pm
අමෙරිකාව සහ චීනය අතර වර්ධනය වෙමින් පවතින භූ දේශපාලනික අර්බුදය හමුවේ අමෙරිකානු ව්‍යාපාර චීනයෙන් සිය මෙහෙයුම් ඉවත් කරගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එනම් 30%ක් පමණ අමෙරිකානු ව්‍යාපාර චීනයෙන් ඔවුන්ගේ මෙහෙයුම් වෙනත් රටකට ගෙන යාමේ සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින බව පැවසෙයි.
මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ චීනයේ අමෙරිකානු වාණිජ මණ්ඩලය විසින් සිදු කළ වාර්ෂික සමීක්ෂණයකදීය.