තායිලන්තයෙන් පාකිස්තානුවන්ට රතු එළියක්
සයුරෙන් එතෙර

තායිලන්තයෙන් පාකිස්තානුවන්ට රතු එළියක්

January 23, 2025   07:55 pm

ව්‍යාජ ලියකියවිලි මත ‍රටට ඇතුළු වන පාකිස්තානුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව තායිලන්තය පවසයි.

ඒ අනුව පාකිස්තානයේ තායි කොන්සල් කාර්යාලය ඊ-වීසා බලපත්‍ර සඳහා අයදුම්කරුවන්ට නියම ගුවන් ටිකට්පත් සහ හෝටල් වෙන්කරවා ගැනීම් ඇතුළු මුල් ලියකියවිලි ඉදිරිපත් කරන ලෙස උපදෙස්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තානයෙන් පැමිණෙන සංචාරකයින්ට එරෙහිව තායිලන්තය දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ 2024 ඔක්තෝබර් මාසයේ හටගත් සිදුවීමකින් පසුවය.