නන්දිමිත්ර ඒකනායක හොකී ක්‍රීඩාංගණය ජනතා අයිතියට
December 8, 2024 02:50 pm
ප්‍රතිසංස්කරණය කරන ලද මාතලේ නන්දිමිත්ර ඒකනායක ජාත්‍යන්තර කෘත්‍රිම හොකී ක්‍රීඩාංගණය පසුගියදා (5) ජනතා අයිතියට පත් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රුපියල් මිලියන 110ක් සහ ආසියානු හොකී සම්මේලනයේ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ රුපියල් මිලියන 50ක අතිරේක දායකත්වයක් සහිත ආයෝජනයකින් මෙම ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කර ඇත.
ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නවීන කෘතිම හොකී තණතිල්ලකින් සමන්විත වේ.
මේ අතර විශේෂ ආරාධිතයන් හෝ දේශපාලන නායකයන්ගෙන් තොරව ක්‍රීඩාංගණය ජනතා අයිතියට පත්කිරීම ද විශේෂත්වයක් විය.
ඒ අනුව ක්‍රීඩාංගණය ජනතා අයිතියට පත්කිරීම සංකේතවත් කරමින් සමස්ත ලංකා වයස අවුරුදු 16න් පහළ බාලක සහ බාලිකා පාසල් හොකී තරගාවලිය එදින ආරම්භ කළේය.
එහි පළමු තරගයෙන් මාතලේ සංඝමිත්තා බාලිකා විදුහල ගෝල 1-0ක් ලෙස පරාජය කරමින් නවීන තණතිල්ලේ මංගල ජය වාර්තා කිරීමට මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහලට හැකිවිය.