සයුරෙන් එතෙර
ඉන්දීය රජයේ ප්‍රබලයෙක් බංග්ලාදේශයට
December 7, 2024 11:44 am
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා බංග්ලාදේශයේ සංචාරයකට සූදානම් වන බව වාර්තා වෙයි.
ඉන්දීය මාධ්‍ය පැවසුවේ ඔහු දෙසැම්බර් 9 වනදා බංග්ලාදේශයට පැමිණීමට නියමිත බවය.
ඉකුත් අගෝස්තු 8 වනදා හුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර රජය බංග්ලාදේශයේ බලයට පත්වීමෙන් පසු දෙරට අතර සිදුකෙරෙන පළමු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරය මෙය වෙයි.
හසීනාගේ රජය නෙරපා හැරීමෙන් පසු බංගලාදේශයේ හින්දු භක්තිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ උත්සන්න වූ සිදුවීම් මධ්‍යයේ මෙම ද්විපාර්ශ්වික සබඳතා සඳහා සංචාරය සිදුකිරීමට විශේෂත්වයකි.