සයුරෙන් එතෙර
පාකිස්තානයේ විරෝධතාකරුවන් කඳවුරු බඳී
November 27, 2024 09:53 pm
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා PTI පක්ෂයේ ආධාරකරුවන් දහස් ගණනක් පාගමනින් ඉස්ලාමාබාද් වෙත පැමිණෙමින් සිටී.
එහිදී විරෝධතාකරුවන් වැළැක්වීමට ආරක්ෂක අංශ උත්සාහ කිරීමත් සමග දෙපාර්ශ්වය අතර ගැටුම් ද හටගෙන තිබේ. ගැටුම් හේතුවෙන් මරණ ද වාර්තාවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
විරෝධතාකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද පැවසෙයි.
විරෝධතාකරුවන්ගෙන් ඉම්රාන් ඛාන් ඉල්ලා ඇත්තේ අවසානය දක්වා සටන් කරනවා මිස පසුබැස නොයන ලෙසය.