සයුරෙන් එතෙර
ජෝර්ජියාවේ නව ආණ්ඩුවට එරෙහිව විපක්ෂයෙන් විරෝධතා
October 29, 2024 08:37 am
දූෂිත පාර්ලිමේන්තු මැතිවරණය අවලංගු කරන ලෙස බලකරමින් ජෝර්ජියාවේ විපක්ෂයේ නියෝජිතයින් ඇතුළු දස දහස් ගණනක් ජනතාව එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක නිරත වී තිබේ.
ඊයේ (28) රාත්‍රී මෙම විරෝධතාවය පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය සතිඅන්තයේ පැවති ජෝර්ජියානු පාර්ලිමේන්තු මැතිවරණය රුසියාවේ සහාය ඇතිව වංචා කර ජයග්‍රහණය කර ඇති බවට එරට විපක්ෂය චෝදනා කරයි.
අදාළ මැතිවරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා බටහිර රටවලින් ඉල්ලීමක් කරන බව විරෝධතාවයේ නිරත පිරිස් ඉල්ලා ඇත.
රුසියානු විරෝධී පුවරු ද විරෝධතාකරුවන් විසින් එහිදී ප්‍රදර්ශනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.