සයුරෙන් එතෙර
තායිලන්තයේ උමං මාර්ගයේ සිරවී සිටි විදේශිකයින් තිදෙනා මරුට
August 30, 2024 05:30 pm
තායිලන්තයේ උමං මාර්ගයක දින 05ක් පුරා සිරව සිටි විදෙස් ජාතික කම්කරුවන් තිදෙනා මියගොස් තිබේ.
ඒ ඔවුන් මුදාගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතුරතුර දීය.
පාක් චොන්ග් ප්‍රදේශයේ ඉදිවන තායිලන්ත - චීන අධිවේගී උමං දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නිරත වෙමින් සිටියදී පස්කන්දක් කඩා වැටීමෙන් පසුගිය සෙනසුරාදා කම්කරුවන් තිදෙනෙකු ඒ තුළ සිරවී තිබුණි.
ඔවුන් මුදාගැනීම සඳහා බලධාරීන් විසින් එදින සිට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබුණ ද එම මෙහෙයුම් ඵලරහිත කරමින් අද (30) දිනයේ කම්කරුවන් තිදෙනාගේ මළ සිරුරු සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මියගොස් ඇත්තේ චීන ජාතිකයින් දෙදෙනෙකු සහ මියන්මාර ජාතිකයෙකු බව සඳහන්ය.