හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයාට ඔස්ට්‍රේලියාවේදී එල්ල වූ චෝදනාව
August 30, 2024 11:38 am
කාන්තා ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස ඔස්ට්‍රේලියාවේ සේවය කරන හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ට එරෙහිව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් පරීක්ෂණයක් ආරම්භකර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තාවල සඳහන් වන්නේ සමරවීර ට එරෙහිව "ක්‍රීඩිකාවකට බරපතළ විෂමාචාරයක්" සිදුකළ බවට චෝදනා එල්ලවී තිබුණි.
එය අතීතයේ සිදුවී ඇති සිද්ධියක් බවද සඳහන් ය.
1993 - 95 කාලසීමාවේදී සමරවීර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 7ක් සහ එක්දින තරග 5ක් ක්‍රීඩා කළේය.
දැනට 52 හැවිරිදි වියේ පසුවන ඔහු වසර 10ක පමණ කාලයක් ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරයි.
ඔහු වික්ටෝරියා ප්‍රාන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කළේය.
ඉන්දීය කාන්තා 'A' කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරගාවලියේදී ඔස්ට්‍රේලියා කාන්තා 'A' කණ්ඩායමේ පුහුණුකරු තනතුර භාරගැනීමට සමරවීර සූදානමින් සිට ඇති අතර අදාළ චෝදනාව සම්බන්ධයෙන් තොරතුරු හෙළිවීමත් සමගම ඔහු ඉන් ඉල්ලා අස්වී තිබේ.