
ප්‍රමාණය ඉක්මවා සුනඛයෙකුට ආහාර ලබාදීමේ චෝදනාවකට වරදකරු වූ කාන්තාවකට නවසීලන්ත අධිකරණයක් මඟින් සිරදඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කිලෝග්‍රෑම් 53ක් බරින් යුත් මෙම සුනඛයා මියයාමේ සිද්ධියට අදාළව සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ අදාළ කාන්තාව විසින් සුනඛයාට ප්‍රමාණය ඉක්මවා ආහාර ලබාදී ඇති බවය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සත්ත්ව සංවිධානයක් විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
ඒ අනුව අදාළ චෝදනාවලට වරද පිළිගෙන ඇති එම කාන්තාවට මාස දෙකක සිරදඬුවමක් සහ ඩොලර් 720ක දඩයක් නියම කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.



















































