
භූතානයේ පැවති 8වන දකුණු ආසියානු කරාතේ ශූරතා තරගාවලියේදී පදක්කම් 54ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 63 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊට එක්වී තිබුණි.
එහිදී රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 18ක් සහ ලෝකඩ පදක්කම් 31ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.
මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් පුහුණුකරුවන් ලෙස J. M. නිෆාස් මහතා, V. L. J. P. ශ්‍රී මංජුල මහතා, කණ්ඩායම් පුහුණුකාරිණිය ලෙස D. W. S. කාන්ති මහත්මිය, කණ්ඩායම් කළමණාකරු ලෙස W. A. D. J. ප්‍රියදර්ශන මහතා, සහකාර කළමණාකරු සහ කණ්ඩායම් නියෝජිත ලෙස Z. A. රවෆ් මහතා සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් භාර ගුරුතුමිය ලෙස M. S. නල්රුක්ෂි මහත්මිය සහභාගී විය.
එය පසුගිය වසරේ ශූරතාවයට සාපේක්ෂව ප්‍රගතියක් ලබා ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම 2025 වසරේ 9වන දකුණු ආසියානු කරාතේ ශූරතාවලිය සඳහා සත්කාරකත්වය ශ්‍රී ලංකාව වෙත ලබාදීමට කළ යෝජනාව ස්ථීර වී ඇත.
කොළඹ විශාඛා විද්‍යාලය
කි. ග්‍රෑම් 54ට අඩු බර පංතිය
අවු 14/15 වයස් කාණ්ඩයේ කාන්තා කේවල කුමිතේ තරග ඉසව්වේ රන් පදක්කම දිනාගන්නා ලදි.
ලීඩ්ස් ජාත්‍යන්තර පාසල
අවු 16/17 වයස් කාණ්ඩයේ කාන්තා කේවල කාතා තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නා ලදි.
කොළඹ ආනන්ද විද්‍යාලය
කි. ග්‍රෑම් 45ට අඩු බර පංතිය
පිරිමි කේවල කුමිතේ තරග ඉසව්වේ රන් පදක්කම දිනාගන්නා ලදි.
ධම්මිස්සර ජාතික පාසල - නාත්තණ්ඩිය
කි. ග්‍රෑම් 48ට අඩු බර පංතිය
වයස අවු 16/17 කාන්තා කේවල කුමිතේ තරග ඉසව්වේ රන් පදක්කම දිනාගන්නා ලදි
(ජ්‍යේෂ්ඨ) කි. ග්‍රෑම් 55ට අඩු බර පංතිය
කාන්තා කේවල කුමිතේ තරග ඉසව්වේ රන් පදක්කම දිනාගන්නා ලදි.



















































