
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රුසියානු සංචාරය සම්බන්ධයෙන් අමෙරිකාව සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව අමෙරිකාව පෙන්වා දෙන්නේ රුසියාව සමග ඇති ඉන්දියාවේ සබඳතා යුක්‍රේනයේ ගැටුම අවසන් කරන ලෙස රුසියානු ජනාධිපති පුටින්ගෙන් ඉල්ලා සිටීමට හැකියාව ලබා දෙන බවය.
යුක්‍රේන ගැටුමට විසඳුම ඇත්තේ සංවාද තුළ මිස යුධ පිටියේ නොවන බව අගමැති මෝදි ජනාධිපති පුටින්ට අවධාරණය කිරීමෙන් පසුව අමෙරිකාව මෙම ප්‍රකාශය සිදුකර ඇත.





















































