
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය මේ වනවිට බංග්ලාදේශයේ සිලෙට් හිදී පැවැත්වෙයි.
එහිදී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කර ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත් විය.
මෙය ඔහුගේ දෙවැනි ටෙස්ට් තරගය යි.
ශතකය රැස් කිරීමෙන් අනතුරුව ඔහු ඊළඟ පන්දුවට අවාසනාවන්ත ලෙස දැවී ගියේය.
පන්දු 127කට මුහුණදුන් කමිඳු සිය ලකුණු 102 සඳහා 4 පහර 11ක් සහ 6 පහර 3ක් එල්ල කළේය.
ඔහු සහ ධනංජය 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 202ක් එක්කළහ. ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 259ක් ලෙස දැක්වුණි.





















































