සයුරෙන් එතෙර
ඉතාලියේ භූ කම්පනයක්
September 18, 2023 03:17 pm
මධ්‍යම ඉතාලියේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එහි ප්‍රබලත්වයක් සටහන්ව ඇත්තේ රික්ටර් මාපාංක ඒකක 4.8ක් ලෙසටය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය මධ්‍යම ඉතාලියේ Florence නගරයට උතුරින් සිදුව ඇති බවය.
භූ කම්පනයත් සමග එම ප්‍රදේශයේ පාසල් වසා දමා ඇති අතර දුම්රිය ගමනාගමන කටයුතු ද අත්හිටුවා තිබේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ සිද්ධියෙන් කිසිදු දේපළ හෝ ජීවිත හානියක් සිදුව ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවය.