ශ්‍රී ලංකා - ඉන්දියා තරගය අද

ශ්‍රී ලංකා - ඉන්දියා තරගය අද

September 12, 2023   07:33 am

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවන තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

ඒ ඉන්දීය කණ්ඩායමට එරෙහිවය.

ශ්‍රී ලංකා පිල සුපිරි සිව්දෙනාගේ වටයේ පළමු තරගයේදී බංග්ලාදේශය පිල ලකුණු 21කින් පරාජය කිරීමට සමත්වුණි.

ඒ අනුව ශ්‍රී ලංකා පිල අද තරගයට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙනි.

ශ්‍රී ලංකා පිලට අද තරගය ජය ගතහොත් ඔවුන් මෙවර ආසිායනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

තරගය අද පස්වරු 3ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.