header logo
Vallibel FD
Selan Bank
සයුරෙන් එතෙර
යුක්‍රේන බලාපොරොත්තු බිඳ වැටෙයි
Sep 11, 202304:42 PM
යුක්‍රේන බලාපොරොත්තු බිඳ වැටෙයි
Mobitel 1278

ලොව විශාලතම ආර්ථිකයක් හිමි රටවල් විස්සේ එකමුතුව G20 රාජ්‍ය නායක සමුළුව ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ඊයේ (10) නිමාවට පත්වුණි.

යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් එහි දැඩි බෙදීමක් දක්නට ලැබුණත් ලෝක බැංකුව වැනි මූල්‍ය ආයතනවල ප්‍රතිසංවිධානය ආදී කරුණු සම්බන්ධයෙන් අවසානයේ ලොව ධනවත්ම සහ ප්‍රබලතම රටවල නායකයන් එකඟත්වයට පැමිණියේය.

ගෝලීය දකුණේ ආර්ථික බලමුළුව, බ්‍රික්ස් සංවිධානය ගිය මඟයමින් G20 කණ්ඩායමට වැඩි නියෝජනයක් ලබාදීම සඳහා අප්‍රිකානු සංගමයටද එහි ස්ථිර සාමාජිකත්වයක් පිරිනැමීමටද නවදිල්ලි G20 සමුළුවේ එක් ප්‍රතිඵලයකි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් සහභාගි නොවූ නවදිල්ලි G20 සමුළුවේදී යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් වඩාත් මෘදු ප්‍රවේශයක් අනුගමනය කිරීමද විශේෂයෙන් කැපී පෙනෙයි.

සත්කාරක රට වන ඉන්දියාව, යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් රුසියාව ඍජුව විවේචනයට ලක් නොකිරීමද ඊට හේතුවක් විය හැකිය.

පසුගිය වසරේ ඉන්දුනීසියාවේ බාලි නුවර පැවති G20 සමුළුවේදී යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් රුසියාව හෙළාදැකීමත්, යුක්‍රේනයෙන් රුසියානු හමුදා ඉවත්කරගන්නා ලෙස ඉල්ලා සිටීමක් සිදුවූවත් මෙවර සමුළුවේදී එය යුක්‍රේන ජනතාව යුද්ධයේ විඳින පීඩාවන් ගැන කම්පාවීමට පමණක් සීමාවිය.

සමුළුව අවසානයේදී ජනපති පුටින් නියෝජනය කරමින් ඊට සහභාගි වූ රුසියානු විදේශ ඇමති සර්ගේ ලැවරොෆ් සමුළුවේ අවසන් ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදිට ස්තුතිය පළකළ බවත් වාර්තා වෙයි.

ඉන්දියාව පමණක් නොව බ්‍රසීලය, ඉන්දුනීසියාව සහ දකුණු අප්‍රිකාවද යුක්‍රේන යුද්ධය හේතුවෙන් G20 කණ්ඩායමේ බිඳීමක් ඇතිවීම වැළැක්වීමට කටයුතු කර තිබුණි.

එමගින් G20 කණ්ඩායම තුළ ගෝලීය දකුණේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල කණ්ඩායමේ බලය වර්ධනය වීම සංකේතවත් කරන බව විචාරකයන් පෙන්වා දෙයි.

නවදිල්ලි G20 සමුළුවේදී චීන ජනපති ෂී ජින්පින් හමුවීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අදහස් කළත් අවසන් මොහොතේ ඊට සහභාගි නොවීමට චීන ජනාධිපතිවරයා තීරණය කළේය.

එහෙත් ෂී ජින්පින් නියෝජනය කරමින් G20 සමුළුවට සහභාගි වූ චීන අගමැති ලී චියං සමග ජනපති බයිඩන් සාකච්ඡාවක නිරත වී තිබේ.

ඉන්දුනීසියාවේ පැවති G20 සමුළුවේදී ජනපති බයිඩන් සහ ෂී ජින්පින් අතර හමුවක් සිදුවී මාස 10කට පසු දෙරට අතර පැවති ඉහළම රාජ්‍යතාන්ත්‍රික හමුව මෙයයි.

චීන අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළේ තමා ෂී ජින්පින්ගේ දෙවැනියා හමුවූ බවයි.

ස්ථාවරත්වය සහ දකුණු අර්ධගෝලය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවත්, එය කොහෙත්ම ගැටලුකාරී හමුවක් නොවූ බවත් ජනපති බයිඩන් සඳහන් කළේය.

අමෙරිකානු චීන වෙළෙඳ යුද්ධය මෙන්ම චීන ඔත්තු බැලීමේ බැලූන සිද්ධිය හේතුවෙන් පළුදු වූ රාජ්‍යතාන්ත්‍රික සබඳතා යථාතත්ත්වයට පත්කිරීමට විශේෂයෙන් අමෙරිකාව දැඩි උත්සාහයක නිරත වී සිටින අතරතුර මෙම හමුව සිදුවිය.

එහෙත් පසුව වියට්නාමයේදී මාධ්‍ය අමතමින් ජනපති බයිඩන් කියා සිටියේ අමෙරිකාවේ ආර්ථිකය ගෝලීය වශයෙන් ශක්තිමත්ම ලෙස පවතින අතර, චීනයේ ආර්ථිකය මන්දගාමී වී ඇති බවයි.

ඒ සඳහා ගෝලීය ආර්ථිකයේ දුර්වලවීම සහ චීනයේ ප්‍රතිපත්ති හේතුවී ඇති බව ජනපති බයිඩන් ප්‍රකාශ කළද, ඒ ප්‍රතිපත්ති මොනවාද යන්න ප්‍රකාශ නොකළේය.

දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ ගැටලු සහ තරුණ පෙළ අතර විරැකියාව ඉහළ යාම නිසා චීනය අද ආර්ථික වශයෙන් අර්බුදකාරී වාතාවරණයකට මුහුණදී ඇති බව ජනපති බයිඩන් පැවසීය.

චීනයේ මෙම ආර්ථික වාතාවරණය හේතුවෙන් චීනය විසින් තායිවානය ආක්‍රමණය කිරීමක් මේ මොහොතේ අපේක්ෂා කළ නොහැකි බව ජනපති බයිඩන් සඳහන් කළේය.

කෙසේනමුත් බටහිර පැසිෆික් කලාපයේ පුහුණුවක් සඳහා සහ චීන නාවික හමුදා යාත්‍රා පෙළක් තායිවානයට නාවික සැතපුම් 60ක් පමණ ආසන්නයෙන් අද යාත්‍රා කළ බවත්, චීනයේ ගුවන්යානා, ප්‍රහාරක නෞකාව 'ෂැන්ඩොං' ද ඒ අතර වූ බවත් තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

නවදිල්ලි G20 සමුළුවේ ප්‍රධාන ප්‍රතිඵලයක් වූයේ චීන බෙල්ට් ඇන්ඩ් රෝඩ් බහුජාතික යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියට විකල්පයක් අමෙරිකාව ඇතුළු රටවලින් ඉදිරිපත්වීමයි.

අමෙරිකාව, ඉන්දියාව සහ සෞදි අරාබිය ඇතුළු රටවල් ප්‍රකාශයට පත් කළ එම නව ව්‍යාපෘතිය මගින් මැදපෙරදිග දකුණු ආසියාව සහ යුරෝපය අතර වරාය සහ දුම්රිය මාර්ග ඔස්සේ ආර්ථික වේදිකාවක් ඉදිකිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතියට ඉන්දියාව සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, යුරෝපා සංගමය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය සහ අමෙරිකා එක්සත් ජනපදය එක්වෙයි.

ඉන්දීය මැදපෙරදිග යුරෝපා ආර්ථික වේදිකාව මගින් එම කලාප අතර වෙළෙඳාම සියයට 40ක් වැඩි වේගයෙන් සිදුකළ හැකි බව යුරෝපා කොමිසමේ සභාපතිනිය සඳහන් කළාය.

ඉන්දියාව සහ මැදපෙරදිග අතර වරාය සම්බන්ධතා සංවර්ධනය මෙන්ම මැදපෙරදිග සිට යුරෝපයට දුම්රිය ප්‍රවාහන මාර්ගයක් තැනීම ද G20 සමුළුවට ඉදිරිපත් කළ නව යටිතල පහසුකම් ව්‍යාපෘතියට අයත් වෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 වැරදුණු අලි මන්තරේ

වැරදුණු අලි මන්තරේ

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

IMF නියෝජිත පිරිස  ජනපති හමුවෙයි

IMF නියෝජිත පිරිස ජනපති හමුවෙයි

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

වෙට්ටු දැම්මොත් මට්ටු කරන විදිය වටගල කියයි.. | "විදේශයේ හිටියොත් රතු වරෙන්තු දාලා ගේනවා"

වෙට්ටු දැම්මොත් මට්ටු කරන විදිය වටගල කියයි.. | "විදේශයේ හිටියොත් රතු වරෙන්තු දාලා ගේනවා"

 "නුවර කළු පාලම කවදද ඉවර කරන්නේ ?" "ආ...ලබන අවුරුද්දේ මුල"

"නුවර කළු පාලම කවදද ඉවර කරන්නේ ?" "ආ...ලබන අවුරුද්දේ මුල"

 මට්ටක්කුලිය ලෙයින් තෙත් කළ මෝටර් රථ අනතුර සිදුවූ හැටි.. | පොලිස් විමර්ශන අඛණ්ඩව

මට්ටක්කුලිය ලෙයින් තෙත් කළ මෝටර් රථ අනතුර සිදුවූ හැටි.. | පොලිස් විමර්ශන අඛණ්ඩව

පාදයේ ආබාධයක් නිසා අසරණ වූ සද්ධන්තයා | "දවස් 10ක් විතර මෙතන... වනජීවී එක...තවම ආවේ නෑ"

පාදයේ ආබාධයක් නිසා අසරණ වූ සද්ධන්තයා | "දවස් 10ක් විතර මෙතන... වනජීවී එක...තවම ආවේ නෑ"

මට්ටක්කුලිය රත්කළ මාරක අනතුර - අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු ගංජා ගහලා ඉඳලා..

මට්ටක්කුලිය රත්කළ මාරක අනතුර - අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු ගංජා ගහලා ඉඳලා..

අල්ලස් එකෙන් අත්අඩංගුවට ගත් රේණුක රිමාන්ඩ්...

අල්ලස් එකෙන් අත්අඩංගුවට ගත් රේණුක රිමාන්ඩ්...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

කැබිනට් තීන්දු 107ක් මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්