සයුරෙන් එතෙර
මන්ගොසුතු බුතලෙසි මියයයි
September 10, 2023 10:29 am
දකුණු අප්‍රිකානු දේශපාලනයේ ප්‍රබල චරිතයක් වූ 'මන්ගොසුතු බුතලෙසි' මියගොස් තිබේ.
ඔහු මියයන විට 95 හැවිරිදි වියෙහි පසු වූ බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
ජාතිවාදී වර්ණභේදවාදී පාලන සමයේ දී ඔහු අප්‍රිකානු ජාතික කොංග්‍රසය සමඟ කලකිරීමට පත්වීමෙන් පසුව 'සූලූ ඉන්කතා' පක්ෂය ආරම්භ කළේය.
මන්ගොසුතු බුතලෙසි දකුණු අප්‍රිකාවට එරෙහි ජාත්‍යන්තර සම්බාධකවලට විරුද්ධ ව කටයුතු කළ පුද්ගලයකු ලෙස ද හදුන්වනු ලැබේ.