
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හදිසි ලිපියක් යොමුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
එළඹෙන මහමැතිවරණයේදී ආණ්ඩු බලයක් පිහිටුවීම සඳහා අවශ්‍යවන අවම ආසන සංඛ්‍යාව වන ආසන 113 ක සීමාවට ළඟාවීමට එජනිස යට හැකිවුවහොත් අගමැති විය යුත්තේ මෙතෙක් අවස්ථාව අහිමිවූ ජ්‍යෙෂ්ඨයෙකු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
යම් හෙයකින් ආණ්ඩු බලයක් පිහිටුවීමට 113 ක සීමාවට ළඟාවීමට නොහැකිව ඒ ආසන්න සීමාවට ළඟා වුවහොත් ආණ්ඩු බලය පිහිටුවීම සඳහා අවශ්‍ය ඉතිරි ආසන සංඛ්‍යාව ලබාගැනීම සඳහා විධායක ජනාධිපතිවරයා ලෙස තමාට මැදිහත්විය හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
එසේ වුවද අගමැතිවරයා විය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා නොව පක්ෂයේ වෙනත් ජ්‍යෙෂ්ඨයෙකු බවත්, ඒ සඳහා කෘතහස්ත,පරිණත දේශපාලනඥයින් රැසක් ශ්‍රීලනිපයේ සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, චමල් රාජපක්ෂ, අතාවුද සෙනෙවිරත්න, ඒ.එච්.එම් ෆවුසි, සුසිල් ප්‍රේමජයන්ත, සහ අනුර ප්‍රියදර්ශන යාපා වැනි ජ්‍යෙෂ්ඨ නායකයින් අතුරින් කෙනෙකු අගමැතිවරයා ලෙස පත්කිරීමට සුදුසු යයි තමන් විශ්වාස කරන බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.
ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම්‍යශීලිත්වය, පරිත්‍යාගශීලිභාවය හා ආශිර්වාදය ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කරන ලෙස රටේත්, ජනතාවගේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් නාමයෙන් ඉල්ලා සිටින බව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ලිපියෙන් පවසා සිටියි.
එම සම්පූර්ණ ලිපිය මෙසේය.

















































