
යකඩ ද්‍රව්‍ය ලෙස පවසා ගෙන්වන ලද කන්ටේනරයක තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 36ක් හමුවී තිබේ.
ඒවා බෝල්ට් ඇණ පෙට්ටි දෙකක සකසුරුවම් ලෙස අසුරා තිබූ බවත්,අදාළ කන්ටේනරය ඔරුගොඩවත්ත බහාලුම් අංගණයේදී පරීක්ෂාවට ලක්කිරීමේදී මේ බව අනාවරණය වූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පවසයි.
මෙම හෙරොයින් තොගය පකිස්ථානයෙන් ගෙන්වා ඇති බවත්, මෙරට සිටින පකිස්ථාන ජාතිකයෙකුගේ නමට එය ගෙන්වා ඇති බවත් මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බව ගාමිණී මහතා සඳහන් කළේය.
















































