
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලබන යෝජනාව සඳහා සම්පූර්ණ සහය දෙන බව යුරෝපා සංගමය පවසයි.
ජගත් මානව හිමිකම් සමුළුවේ 22 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සඳහා වන විවාදයට එක්වෙමින් යුරෝපා සංගමය මේ බව පැවසීය.
සැබෑ සංහිඳියාවක් ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය බවත් යුක්තිය, සාධාරණය හා විශ්වාසනීය බව ශ්‍රී ලංකාව තුළ තහවුරු විය යුතු බව ද පැවසු යුරෝපා සංගමය උතුරු පළාතේ මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය අගය කළේය.

















































