
දිස්ත්රික්ක 07ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
ඊයේ (27) රාත්රී 9.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය අද (28) පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන බව සඳහන් වේ.
ඒ අනුව, පළමු අදියරේ විමසිලිමත් වීමේ (කහ) අනතුරු ඇඟවීම බදුල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්රික්කවල පහත සඳහන් ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නිකුත් කර ඇත.
බදුල්ල දිස්ත්රික්කය
- හල්දුම්මුල්ල
- පස්සර
කළුතර දිස්ත්රික්කය
- පාලින්දනුවර
- බුලත්සිංහල
මහනුවර දිස්ත්රික්කය
- යටිනුවර
- තුම්පනේ
- හතරලියද්ද
- උඩපළාත
- ගඟ ඉහළ කෝරළය
- උඩුදුම්බර
- දොළුව
- උඩුනුවර
කෑගල්ල දිස්ත්රික්කය
- අරණායක
- රුවන්වැල්ල
- දෙහිඕවිට
- මාවනැල්ල
- බුලත්කොහුපිටිය
- කෑගල්ල
- ගලිගමුව
- යටියන්තොට
- රඹුක්කන
මාතලේ දිස්ත්රික්කය
- රත්තොට
නුවරඑළිය දිස්ත්රික්කය
- කොත්මලේ නැගෙනහිර
- නිල්දණ්ඩාහින්න
- කොත්මලේ බටහිර
- නෝර්වුඩ්
- අඹගමුව කෝරළය
- තලවකැලේ
- වලපනේ
රත්නපුර දිස්ත්රික්කය
- කුරුවිට
- කිරිඇල්ල
අදාළ ප්රදේශවල කඳුකර බෑවුම් ආශ්රිතව ජීවත් වන ජනතාව නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම් සහ පස් කණ්ඩි කඩා වැටීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.
එමෙන්ම, පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, බලධාරීන් විසින් ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් ජනතාවට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.















































