
නීති විරෝධී T-56 ගිනිඅවියක් හා උණ්ඩ සමඟ සැකකරුවෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පානදුරේදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පානදුර, පිංවත්ත ප්රදේශයේ පදිංචි 75 හැවිරිදි විශ්රාමික හමුදා සාමාජිකයෙකි.
විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත, අද (27) පිංවත්ත පොලිස් වසමට අයත් පානදුර, ගාලු පාර ප්රදේශයේ නිවසක් වටලා විශේෂ වැටලීමක් සිදුකර ඇත.
එහිදී නීති විරෝධී T-56 වර්ගයේ ගිනිඅවියක්, පතුරම් ගැබක්, ජීව උණ්ඩ 13ක්, පුහුණු උණ්ඩ 11ක්, යකඩ කඩුවක් සහ ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගෙන තිබේ.
මෙම සැකකරු පිංවත්ත ප්රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හතාදුර දමිත් දර්ශන සිල්වා නොහොත් 'පිංවත්තේ පොඩි සුදුවා' නැමැත්තාගේ සමීපතමයෙකු වන බව සඳහන්ය.
එමෙන්ම පසුගියදා වෙඩි වැදී මියගිය නදීක නැමැති පුද්ගලයා සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති අයෙකු බවට තොරතුරු අනාවරණවී ඇත.
සැකකරු සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා පිංවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකය.















































